Header Ads

Breaking News
recent

පියුමි හංසමාලිට තිබුණ අයිතිය ගුරුවරුන්ට නැති වුණ හැටි - ඇමති වීරසේකර ඉන්නේ රෙදි ඇඳගෙනදැයි මන්ත්‍රී නලින් අසයි

ඊයේ (04) දින ගුරු විදුහල්පති විරෝධය අවසන් කර යමින් සිටියදී ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගෙන වරාය පොලීසියේ රඳවාගෙන සිටි ගුරුවරුන් වෙත අද (05) දින රැගෙන ගිය ඇඳුම් බෑගය හෝ දීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නලින් බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද දින උදෑසන මෙම ගුරුවරු හමුවීමට වරාය පොලීසියට ගියද ඔවුන්ට පොලීසියට ඇතුල් වීමට අවස්ථාව නොලැබුණි.

එම අවස්ථාවේ අත්අඩංගුවට ගෙන සිටි ගුරුවරුන්ට අවශ්‍ය ඇඳුම් සහිත බෑගයක් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ගෙනවිත තිබුණ නමුත් එය එම ගුරුවරුන් වෙත දීමට හෝ ඉඩක් ලැබී නැත.

''මම අහනවා සරත් වීරසේකර ඇමතිතුමාගෙන් එතුමාගේ නෝනට එකම ඇඳුම පැය 48ක් ඇඳගෙන ඉන්න පුලුවන්ද? මම අහනවා පොලිස්පතිතුමාගෙන් එතුමාගේ නෝනට එකම ඇඳුම පැය 48ක් ඇඳගෙන ඉන්න පුළුවන්ද?මම අහනවා දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලීසියේ නිලධාරීන්ගෙන් එතුමන්ලාගේ නෝනලට එකම ඇඳුමකින් පැය 48ක් ඉන්න පුළුවන්ද කියල. මම මේ ඇඳුම් ටික අරන් ආවේ ගෞරවනීය විදිහට. මොකද මමත් ගුරුවරයෙක්. මෙතන ඉන්න ගුරු මාතාවන් වෙනුවෙන් මේ ඇඳුම් අරන් ආවේ අද උසාවියට යන්න. ඊයේ උදේ පාන්දර ඇඳපු ඇඳුම්වලින් ඉන්න නිසා. සරත් වීරසේකර මහත්තයට හංසමාලිලට ඇඳුම් යවන්න පුළුවන්. හැබැයි ගුරුවරුන්ට ඇඳුම් අරන් එද්දී අපිට යන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ කරන්නේ ආණ්ඩුවේ වුවමනාවක්. පොලීසි හයකින් ගත්ත අය ඇයි වරාය පොලීසියට ගෙනාවේ. මේක ඇතුළට නීතිඥ මහත්වරු යයි කියල. මේක ඇතුළට වෘත්තීය සමිති නායකයෝ යයි කියල. මේක ඇතුළට දේශපාලන නායකයෝ යයි කියල. මේ කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව අපි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා.'' යනුවෙන් නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

No comments:

Powered by Blogger.