Header Ads

Breaking News
recent

රෝහල් ඇඳන් පිරේ… කොවිඩ් රෝගීහු නිවෙස්වල අසරණ වෙති සියයට 30ක්ම ඔක්සිජන් මත යැපෙන තත්ත්වයක් !

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කෙරෙන ආසාදිතයන් අතරින් සියයට තිහක ප‍්‍රමාණයක් මේවන විට ඔක්සිජන් මත යැපෙන තත්ත්වයක් ඇතිවී තිබෙන බව සෞඛ්‍ය ආරංචි මාර්ග සදහන් කරයි.

එම තත්ත්වය තුළ ඊයේ (03 වැනිදා) වන විට මෙරට සියලූම රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් තිබුණු අතර වෛරසය ආසාදනය වන පිරිස අතරින් වැඩි දෙනකු රෝහල් ප‍්‍රතිකාර අවශ්‍ය මට්ටමට රෝග ලක්‍ෂණ පෙන්නුම් කරමින් තිබීම එම තත්ත්වයට තවත් හේතුවක් වී තිබේ.

මේ අනුව තවදුරටත් මෙය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් මුළු රටම බරපතළ අර්බුදයකට ලක් වීමේ විශාල අවදානමක් දැනටමත් නිර්මාණය වී අවසන් බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

කොළඹ ජාතික රෝහල ඇතුළුව රට පුරා පිහිටි සියලූම ප‍්‍රධාන රෝහල්වල ධාරිතාව ඉක්ම ගොස් ඇති බව ඊයේ ( 03 වැනිදා) පස්වරුව වන විට වාර්තා වූ අතර මේ හේතුවෙන් ඇතැම් රෝහල්වල රෝගීන්ට ඇ`දක් පවා ලබා දීමට නොහැකිව බිම වැතිරී සිටින තත්ත්වයක්ද දක්නට ලැබිණි.

ඇතැම් රෝගීහු රෝහල් වාට්ටුවල කොරිඩෝවල සහ පිටත ස්ථානවලද පැදුරු දමාගෙන වැතිරී සිටිනු දක්නට ලැබුණු අතර මේ තත්ත්වය තුළ රෝහල් සේවකයයෝ මේ වන විට දැඩි තර්ජනයකට මෙන්ම බරපතළ ගැටලූවකට ද මුහුණ දී සිටිති.

මේ සම්බන්ධයෙන් ඊයේ අප කළ විමසීමකදී සෞඛ්‍ය අංශ නිලධාරියකු කියා සිටියේ දිගින් දිගටම ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ යමින් තිබීම ඉදිරියේදී බරපතළ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීමට හේතු විය හැකි බවකි.එසේම ඊයේ පස්වරුව වන විට රෝහල්වල කොරෝනා ආසාදිතයන් ස`දහා වෙන්කර තිබූ දැඩි සත්කාර ඒකක ඇ`දන්වල ධාරිතාවද සම්පූර්ණ වී තිබුණු බව සෞඛ්‍ය ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

අඛණ්ඩව දින පහක් පුරා යළිත් දෛනික ආසාදිතයන් සංඛ්‍යාව දෙදහස ඉක්මවා වාර්තා වීම හා ඩෙල්ටා ප‍්‍රභේදය ව්‍යාප්ත වීම තුළ අසාධ්‍ය මට්ටමට පත්වන රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබීම එයට හේතු වී ඇත.

මෙම තත්ත්වය ඇතිවීමට පසුගිය දිනවල පැවති වර්ජන, උද්ඝෝෂණ සහ පෙළපාලි යෑම් ප‍්‍රබල සාධකයක් වූ බවද සෞඛ්‍ය වෘත්තිකයෝ ස`දහන් කරති.

ප‍්‍රධාන පෙළේ රෝහලක කොරෝනා ප‍්‍රතිකාර සදහා යොමුවී සිටින වෛද්‍යවරයකු පෙන්වා දුන්නේ පවතින තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් ඉකුත් කාලයේ ඉන්දියාවේ ඇති වූ තත්ත්වයට සමාන තත්ත්වයක් ශී‍්‍ර ලංකාව තුළද ඇතිවීම වැළැක්විය නොහැකි වනු ඇති බවය.

පවතින තත්ත්වය තුළ ඊයේ වන විට කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ තත්ත්වයද මෙසේම වී තිබුණු අතර කොරෝනා ආසාදිතව දෛනිකව රැුගෙන එන රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව එහි ප‍්‍රකාශකයෙක් පැවසීය.

රෝහල් ධාරිතාව මේ අන්දමට පිරී යෑමත් සමග ප‍්‍රතිකාර සදහා රෝහලකට රැුගෙන යා නොහැකිව විශාල ප‍්‍රතිකාර ලබා දිය යුතු මට්ටමේ විශාල රෝගීන් ප‍්‍රමාණයක් නිවෙස් තුළම ර`දවා සිටින බවද ඊයේ වාර්තා විය.රෝහල්වල ඉඩ මදි වීම සහ ගිලන් රථවල හි`ගයක් ඇතිවී තිබීම මෙම තත්ත්වයට ප‍්‍රධාන හේතුවක් වී තිබෙන බවද ස`දහන් වේ.

දෛනික සිදුවන මරණ ප‍්‍රමාණය ඉහළ යෑමට මෙම තත්ත්වයද හේතුවක් වී තිබෙන බව සෞඛ්‍ය ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

පවතින සැබෑ තත්ත්වය මෙසේ වෙද්දී මෙරට කොරෝනා තුන්වැනි රැුල්ලෙන් තවත් ආසාදිතයන් 1406 දෙනකු අලූතින් හ`දුනා ගැනුණු බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය ඊයේ පස්වරු 6.00 වන විට නිවේදනය කළේය.

එසේම වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 1902 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ ස`දහන් කළ අතර ඒ අනුව කොරෝනා ආසාදනය වී ප‍්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලද මෙරට සමස්ත සංඛ්‍යාව 282,770 දක්වා ඉහළ ගියේය.

මේ අතර ඉකුත් පළමු වැනිදා කොරෝනා ආසාදිත මරණ 63 ක් වාර්තා වීමත් සම`ග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛයාවද 4571 දක්වා ඉහළ ගියේය.

සමන් ගමගේ


No comments:

Powered by Blogger.