Header Ads

Breaking News
recent

ස.ජ.බ මන්ත්‍රීවරියට ලිංගික හිංසනයක්! කතානායකටත් චෝදනා!

උදය ගම්මන්පිල මහතාට එරෙහිව පැවැති විශ්වාසභංගය සඳහා ඡන්දය විමසන අවස්ථාවේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට වාචිකව ලිංගික හිංසනයක් සිදුකර ඇති බවට ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී අනාවරණය වුණා.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න මහත්මිය විසින් එහිදී පසුගිය විශ්වාසංභග යෝජනාව පැවැති අවස්ථාවේදී තලතා අතුකෝරළ මන්ත්‍රීවරිය සම්බන්ධ කරගෙන පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් හැසිරුණු ආකාරය පිළිබඳව තමන් කණගාටුවට පත්වන බවයි.

පාර්ලිමේන්තුව සභාව ඇත්තේ කාන්තාවන් ගැන විවේචනය කිරීමටවත්, මන්ත්‍රිවරුන්ගේ බිරින්ඳෑවරු හෝ අනියම් සම්බන්ධතා ගැන කතා කරන්නට නොවන බවත් ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව තීන්දු තීරණ ගැනීමට බවත්  මන්ත්‍රීවරිය සභාව ඉදිරියේ අවධාරණය කළා.

එහිදී ඇය කතානායකවරයාට චෝදනා කරමින් පවසා සිටියේ “ඔබතුමාට බිරිඳක් ඒ වගේම දියණියක් ඉන්නවා. ඔබතුමා හිනා වේවී තලතා අතුකෝරළ ඒ වේලාවේ වාචිකව ලිංගික හිංසනයක් සිද්ධ කරන වෙලේ ඔතන නිහඬව සිටීම පිළිබඳව මන්ත්‍රීවරියක් හැටියට මම මගේ කණගාටුව වගේම මගේ අප්‍රසාදය මේ වෙලාවේ මං ප්‍රකාශ කරනවා. ඒක තුළ මන්ත්‍රීවරියන්ගේ වරප්‍රසාදයක් හානි වෙලා තියෙනවා මං මේ ගරු සභාවට ප්‍රකාශ කරනවා” යනුවෙනි.

එහිදී කතානායන මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මන්ත්‍රීවරිය විසින් කළ චෝදනාවට පිළිතුරු ලබාදීමක් නොකළ අතර ඔහු පවසා සිටියේ ඒ සම්බන්ධව විමර්ශනයක් සිදුකරන බවයි.


No comments:

Powered by Blogger.