Header Ads

Breaking News
recent

ආණ්ඩුව ‌කොතලාවල කල් දමයි - චමල් පාර්ලිමේන්තුවට නිල දැනුම්දීම කරයි

කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පිළිබද විවාදය එළැඹෙන සිකුරාදා (06දා) නොපැවැත්වීමට තීරණය කළ බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මෙම විවාදය පැවැත්වෙන්නේද නැත්ද යන්න පිළිබදව අද (04දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්දයෙන් ජනතාවට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරන්ට අදහස් ප්‍රකාශ කිරීමට තවදුරටත් අවස්ථාව හිමිවිය යුතු බවට සිතන බවත් ඒ අනුව 06 වැනිදා මෙම පනත විවාදයට නොගැනීමට තීරණය කළ බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ - මම දැනගන්න කැමතියි සිකුරාදා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත විවාද කරනවාද නැද්ද කියලා.

වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ - තවදුරටත් මන්ත්‍රීවරුන්ට සහ රටේ ජනතාවට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව අවශ්‍යයි කියලා විශ්වාද කරන නිසා එදිනට ඒ පනත ඉදිරිපත් කරන්නේ නෑ. තව කල්ගෙන ඉදිරිපත් කරනවා.


No comments:

Powered by Blogger.