Header Ads

Breaking News
recent

වනජීවීය ඇතුළේ කඹ ඇදිල්ලක්... තුවාල වූ වල්අලි බෙහෙත් නැතිව මැරෙන තත්ත්වයක්!

වනජීවී දෙපාර්තමේන්තුව තුළ සේවය කරන සේවය කරනු ලබන පශුවෛද්‍යවරුන් හා දෙපාර්තමේන්තුවේ පරිපාලනය කරනු ලබන නිලධාරින් අතර කලක සිට පවතින කඹඇදිල්ලක් හේතුවෙන් වෙඩිවැදීමි හා වෙනත් ⁣හේතු නිසා තුවාල වී සිටින අලිඇතුන් සහ වෙනත් අසරණ වනසතුන් ප්‍රතිකාර නොමැතිව මියයන තත්ත්වයක් උදාවී ඇති බව වාර්තා වේ.

පාලන බලය සතු විද්‍යාත්මක ⁣සේවයේ නිලධාරීන් පශුවෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ට කුඩමිමාගේ සැලකිලි දැක්වීමත්, ඔවුනට හිමි ව්‍යවස්ථාපිත දීමනා හා උසස්වීම් සියල්ල අහුරාගෙන සිටීමත් මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.

මෙම හේතුව නිසා වනජීවි දෙපාර්තමේන්තුව තුළ විශාල කඩාවැටීමක් සිදුව ඇති අතර කලකිරීමට පත්වි ඇති පශුවෛද්‍යවරු වෙනත් අංශවල රැකියා සොයමින් සිටින බවද දැනගන්නට ඇත.

ඵසේම අත්‍යවශ්‍ය බෙ⁣හෙත් නිසි වේලාවට නිසිපරිදි ඇනවුම් කිරීමට ඉහල නිලධාරින් කටයුතු නොකිරීම තුළ තත්ත්වය තවත් බරපතළ වී ඇති බව පැවසේ.

මෙම ගැටලුව පිළිබඳව පශුවෛද්‍ය නිලධාරින්ගේ වෘත්තීය සමිති නියෝජිතයන් අදාළ අංශ දැනුවත් කර ඇතත් ⁣වනජීවි දෙපාර්තමේන්තුවේ සිටින ඇතැම් අධිකාරිවාදී දෙතුන්දෙනකුගේ බලපුලුවන්කාරකම් හේතුවෙන් නිසි පිළිතුරක් නොලැබෙන බව දැනගන්නට තිබේ.

දැනට වනජීවි දෙපාර්තමේන්තුව තුළ පශුවෛද්‍යවරුන්ගේ හිගයක් පවතින අතර පසුගිය කාලයේදී මෙම දෙපාර්තමේන්තුවට පත්කරන ලද පශුවෛද්‍යවරුන් 16 දෙනෙක් ප්‍රතික්ෂේප කිරීමට ඉහළ නිලධාරීන් කටයුතු කිරීම නිසා වර්තමානයෙහි ඇති ගැටලු ඉහළ යාමට හේතු වි ඇති බවද දැනගන්නට ඇත.

-mawratanews


No comments:

Powered by Blogger.