Header Ads

Breaking News
recent

අන්තරේ උද්ඝෝෂණයට ගිය චමීර-හංසමාලි අත්අඩංගුවට!

කොතලාවල පනතට විරෝධය පළකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හා නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණයට කම්කරු අරගල මධ්‍යස්ථානය නියෝජනය කරමින් සහභාගී වූ චමීර කොස්වත්ත හා කෝෂිලා හංසමාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්දයෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවා සිටින්නේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව පැන නැගුනු උද්ඝෝෂණ සම්බන්ධයෙන් රජය විසින් මේ වන විට දැවැන්ත මර්ධනයක් දියක් කරමින් පවතින බවයි.

ඒ අනුව ඊයේ රාත්‍රියේ කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත එම මධ්‍යස්ථානයේ කෝෂිලා හංසමාලි සිය නිවෙස් තුල සිටිය දී මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති බව පවසයි.

කෙසේ වෙතත් ඒ මහතා කියා සිටින්නේ අත්අඩංගුවට ගත් සිය සමාජිකයින් වහා නිදහස් කරන ලෙසත් මර්ධනය  සදහා පාලකයින් වෙත ඉඩ නොතබා ඊට එරෙහිව දැවැන්ත ජන බලයක් ගොඩනැගීමට සූදානම් බවත්ය.


No comments:

Powered by Blogger.