Header Ads

Breaking News
recent

මාෆියාවට යටවෙන්නෙ නෑ... සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රටින් ගේනවා - බන්දුල

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කිරීමට තීරණය කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ආරක්ෂක තොගයක් ලෙස තබා ගැනීම සඳහා සහල් ආනයනය කිරීමට තීරණය කර ඇති අතර හදිසි අවස්ථාවකදී භාවිතයට ගැනීම සඳහා මෙම සහල් ආනයනය කර ගබඩා කර තබා ගන්නා බවයි අමැතිවරයා පවසන්නේ.

වී මිල, සහල් මිල සහ ජීවන වියදම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ වනවිට වී මෝල් හිමියන් සමග එකඟතාවයකට පැමිණ ඇති බවත්, වී මිල හා සහල් මිල තීරණය කිරීමට ඔවුන්ට අවස්ථාව නොලැබෙන බවත්, පෙන්වා දෙන බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සඳහන් කරන්නේ රජයේ සම්මත මිල ඉක්මවා කටයුතු කරන වී මෝල් හිමියන්ට දඩ නියම කරන බවයි. මීට අමතරව අතරමැදියන් විසින් වී තොග මිලදීගෙන සඟවා තබා ගැනීමට කටයුතු කළහොත් එම වී තොග රාජසන්තක කිරීමට කටයුතු කරන බවද ඇමතිවරයා පවසනවා.


No comments:

Powered by Blogger.