Header Ads

Breaking News
recent

ගුරු උද්ඝෝෂණයට ගිය ජ’පුර ආචාර්යවරයාව බස් රථයකදී පැහැර ගන්න හදලා - (video)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු පෙරේදා (04) දිනයේ දී සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් විසින් බස් රථයකදී පැහැරගෙන යෑමට උත්සාහ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා.

කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව පැවැති උද්ඝෝෂණයක් නිමාවී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ සිසු සිසුවියන් පැමිණෙමින් තිබූ බස් රථයක් නුගේගොඩ, දෙල්කඳ හංදියේ දී සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් විසින් නවත්වා තිබෙනවා.

එහිදී බස් රථයට නැගුණු තිදෙනෙකු විසින් ජ’පුර විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වන අමින්ද ලක්මාල් මහතාව රැගෙන යෑමට උත්සාහ දරා තිබුණා. එහිදී බස් රථය තුළ සිටි අනෙකුත් ආචාර්යවරුන් සහ සිසු සිසුවියන් විසින් එයට විරෝධය එල්ල කරන ආකාරය සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝ දර්ශනවලදී දැක ගැනීමට හැකි වුණා.

මෙලෙස එල්ල වූ දැඩි විරෝධතාවය හමුවේ මෙලෙස සිවිල් ඇඳුමින් සැරසී පැමිණි පිරිසට තමන් කවුරුන්ද යන්න පිළිබඳව හෙළි කිරීමට සිදුව තිබුණා. එහිදී අනාවරණය වුණේ මෙලෙස සිවිල් ඇඳුමින් පැමිණ ඇත්තේ මිරිහාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් බවයි.

විශ්ව විද්‍යාල ආචාර්ය අමින්ද ලක්මාල් මහතා සිය ෆේස්බුක් ගිනුමේ තබා තිබූ සටහනක දැක්වුණේ මෙම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිමට පැමිණ තිබුණේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති වසන්ත මුදලිගේ බවයි.

නමුත් ඔහු වෙනුවට නිලධාරීන් විසින් ආචාර්යවරයාව රැගෙන යෑමට උත්සාහ දරා තිබුණු බවයි එම සටහන තුළ වැඩිදුරටත් පවසා තිබුණා.

කෙසේ වෙතත් පසුව නිලධාරීන් පිරිස විසින් අත්අඩංගුවට ගැනිමට සොයන පුද්ගලයා බස් රථය තුළ නොසිටි බවට තහවුරු කරගැනීමත් සමඟ පිටව යෑමට කටයුතු කර තිබුණා.

එම අවස්ථාවේ අමින්ද ලක්මාල් මහතා විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත යොමුකළ සජීවි විකාශය පහතින්,


No comments:

Powered by Blogger.