Saturday, May 10 2025

Header Ads

හාල් සමිතිකයට රටේ හාල් මිල නියම කරන්න පුලුවන් නම් ආණ්ඩුවක් මොකට ද?

සහල් සමිතියකට සහල් මිල තීරණය කළ හැකි නම් රජයක් සිටීමෙන් පලක් නැතැයි ද  මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් සහල් සඳහා නියම කරන ලද සිල්ලර මිල ගණන් රජය විසින් ප්‍රතික්ෂේප කරන බව ද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න  පවසයි.

රජයේ සිල්ලරමිල නියම කර ඇත්තේ පාරිභෝගිකයා හා ගොවියා ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන් බවත් උපරිම සිල්ලර මිල ඉවත් කිරීම කිසිම පාර්ශවයකට අවභාවිතා කරන්නට ඉඩ නොදෙන බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියයි.

“ මේ විදිහට නිවේදන දාලා කිසියම් පාර්ශවයක් අනිසි විදිහට සහල් මිල වැඩිකළොත් ඊට රජයක් විදිහට අනිවාර්යයෙන් මැදිහත් වෙනවා. රටේ එක සමිතියක් යෝජනා කළ මිලක්   රටේ සහල් මිල වෙන්නෙ දෙන්න බෑ.   මේ අය නාඩු සහ කීරිසම්බාවලට ඉදිරිපත් කරලා තියන මිල ගණන් කොහොමත් පිළිගන්න පුලුවන්කමක් නෑ. “ ඇමතිවරයා කීවේය.

මහාපරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය සහල් සඳහා ඉදිරිපත් කර තිබුණේ  නාඩු කිලෝ 1ක් රු 115, සම්බා කිලෝ 1ක් රු. 140 සහ කීරි සම්බා කිලෝ 1ක් රු. 165ක් ලෙසය.


Leave a Comment

Powered by Blogger.