Header Ads

Breaking News
recent

basil-will-go-to-the-imf-in-april

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව සමග සාකච්ජා පැවැත්වීම සදහා ලබන අප්‍රේල් මාසයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරීකාව බලා පිටත්ව යාමට නියමිතව ඇති බව සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට ඇත.

ඒ අනුව අප්‍රේල් මාසයේදී වොෂින්ටනයේදී මෙම සාකච්ජා පැවැත්වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.

දැනටමත් මෙම සාකච්ජා ආරම්භ කෙරී ඇති අතර බොහෝ දුරට එම සාකච්ජා සාර්ථක වනු ඇති බව ආණ්ඩුවේ ස්ථාවරය වී තිබේ.

එසේ වුවහොත් දැනට පවතින මූල්‍ය අර්බූදයෙන් ගොඩඒම සදහා යම් පැකේජයක් ආණ්ඩුව වෙත ලබා ගැනීමට හැකිවනු ඇති බවද දැනගන්නට ඇත.


No comments:

Powered by Blogger.