Header Ads

Breaking News
recent

දුමින්ද සිල්වා ඉවතට! නිවාස අධිකාරියට නව සභාපතිවරයෙක්!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක් පත් කර තිබේ.

එසේ පත්කර ඇත්තේ මීට පෙර ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති ලෙස කටයුතු කරන ලද රජිව් සූරියආරච්චි මහතාය.

නිවාස අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන් යටතට පත් වීමත් සමග මෙම පත්කිරීම සිදුකර ඇත.

මරණ දඬුවම හිමි වී සිරගත කර සිටියදී ජනාධිපති සමාමෙන් නිදහස ලැබූ දුමින්ද සිල්වා මහතාට එම ජනාධිපති සමාව ලැබූ ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමත් සමග ඔහුගේ එම ජනාධිපති සමාව තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය කටයුතු කළේය.

ඒ අනුව දුමින්ද සිල්වා මහතා නැවතත් බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

නමුත් දුමින්ද සිල්වා මහතා රෝහල් ගත කිරීම මත ඔහු තවදුරටත් බන්ධනාගාර නිලධාරීන් යටතේ ප්‍රතිකාර ලබමින් සිටි.


No comments:

Powered by Blogger.