Header Ads

Breaking News
recent

ධර්මාශෝක විදුහල්පතිනිය අසික්කිත වැඩක් කරලා - ගුරුවරුන් විරෝධයේ..  | Dharmasoka College

ධර්මාශෝක විදුහල්පතිනිය අසික්කිත වැඩක් කරලා ගුරුවරුන් විරෝධයේ

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනිය ගුරුවරයෙකුට අපහාස කරමින් බැණ වැදුනා යැයි පවසමින් විදුහලේ ගුරුවරුන් පිරිසක් ඊට විරෝධය පලකරමින් (17) පෙරවරුවේ සිට රාජකාරී වලින් ඉවත්ව විදුහලේ තැන තැන විවිධ කතා වන නිරත වෙමින් සිටියාය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මෙවර අපොස උසස් පෙළට ඇතුලත්කර ගන්නා ලද සිසුන්ගෙන් නීතිනුකූල නොවන අයුරින් එකතු කරන ලද රුපියල් හත්ලක්ෂ තිස් පන් දහසක (7,35,000/-) මුදලක් ආපසු බෙදා දීමට යෑමේදී ඇති වූ මත ගැටුමක් දුර දිග යෑමෙන් මෙම බැණ වැදීම සිදුකර තිබෙන බව විදුහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

 අම්බලන්ගොඩ ප්‍රධාන පෙළේ ජාතික පැසැලක මෙවර අපොස උසස් පෙළට ඇතුලත් වන සිසුන්ගෙන් රුපියල් 27,000/- කට අධික මුදලක් එකතු කරන බවත් එයින් රිසිට් පතක් නිකුත් කරන්නේ පහසුකම් ගාස්තු හා පාසැල් සංවර්ධන සමිතියට ලෙසින් රුපියල් 7920/- කට පමණක් බවත් පසුගිය 10 දින මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි. මේ හේතුවෙන් දෙමාපියන් ඉතා අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බැවින් අදාල මුදල ගෙවීම සදහා ඇතැම් දෙමාපියන් සිය කණකර උකස් කර තිබෙන බවද අදාල මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් විය.

මෙසේ මාධ්‍ය මගින් හෙලිදරව් කරන තොරතුරු එක් ගුරුවරයෙකු විසින් ලබා දෙන්නේ යයි කියමින් ඔහු ඉලක්ක කර ගනිමින් (17) අදාල ගුරුවරයා රාජකාරියට වාර්තා කිරීමට ගිය වස්ථාවේදී මෙම බැන වැදීම සිදුකර තිබෙන බවත් ඊට විරෝධය පල කරමින් ගුරුවරුන් ඉගැන්වීමේ කටයුතු වලින් බැහැරව මෙසේ විරෝධතාවය දැක්වා තිබෙන බවද ගරුවරුන් ප්‍රකාශ කරයි. 

සිය සහෝදර ගුරුවරයාට විදුහල්පතිනිය බැණ වැදී ඇති බවත් ඔහුට අත්සන් ලේඛනයේ අත්සන් කිරිමට පවා ඉඩ නොදී එළියට දමන ලෙස පාසලේ ආරක්ෂක නිලධාරීන්ට පවසා ඇති බවත් නම හෙලිකිරීමට අකමැතිවූ විරෝධයේ යෙදී සිටි ගුරුවරුන් පැවසීය. 

මේ ගුරු වර්ජනයට ධර්මාශෝක විදුහලේ ගුරුවරුන් රැසක්ම සහභාගිවී සිටි අතර මේ නිසා එම විදුහලේ ඉගැන්වීම් කටයුතු විශාල වශයෙන් බිද වැටී තිබුණ බවද විදුහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මෙවර අපොස උසස් පෙළ විද්‍යා/ගණිත අංශයට ඇතුලත් වූ සිසුන් 350 ක ගෙන් නීති විරෝධී ආකාරයෙන් එකතු කරන ලද රුපියල් හත්ලක්ෂ තිස්පන් දහසක මුදලක් (7,35,000/-) ආපසු බෙදා දීමට යෑමේදී විදුහලේ කාර්යාල කාර්යය මණ්ඩලය හා විද්‍යා/ගණිත අංශයේ අංශ ප්‍රධානී අතර බරපතල මත ගැටුමක් හා බහින් බස් වීමක් පසුගිය සිකුරාදා (13) දිනද ඇති වී තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතාගේ නියෝගයකට අනුව මෙම මුදල් ආපසු ලබා දීමට සැලසුම් කර තිබෙන බවත් මුදල් ලබාගත් සිසුන්ගේ නාම ලේඛණය සහ එකතු කරන ලද මුදල් ආපසු කාර්යාලයට ලබාදුන් අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙම ගැටුම ඇතිව තිබෙන බවත් විදුහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. එයින් පසුව විද්‍යා/ගණිත අංශ ප්‍රධානී විසින් අදාල නාම ලේඛණය ඉරා දමා තිබෙන බවත් පසුව කාර්යාල සේවකයින් විසින් එම නාමලේඛණය වෙනත් කොලයක අලවා නැවත සකස් කර තිබෙන බවත් දැන ගන්නට තිබේ.

මේ ගුරු වර්ජනය පිළිබදව අදහස් දැන ගැනීමේ අරමුණින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ විදුහල්පතිනි සනූජා ජයවික්‍රම මහත්මිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලද එම උත්සාහය ව්‍යර්ථ විය. ඇයගේ දුරකතනය දිගින් දිගටම නාද වුවත් ඊට පිළිතුරු දීමෙන් වැලකී විදුහල්පතිනිය වැලකී සිටියාය.

– ජයකාන්ත ලියනගේ

No comments:

Powered by Blogger.