Header Ads

Breaking News
recent

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග වෘත්තිකයින් කළ සාකච්ඡා අසාර්ථකයි… වර්ජනය ස්ථිරයි!

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයින් අද මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ  පැවති සාකච්ඡා කිිසිඳු එකඟතාවයකින් තොරව අවසන් වූ බව එම එකමූතුව  සඳහන් කරයි.

 රජය ගෙනයන  අසාධාරණ බදු ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුකිරීමට නොහැකි බව  සාකච්ඡාවට  සහභාගි වූ අමාත්‍යංශ ලේකම්වරයා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් වෘත්තීය සමිති නියෝජිතයින්ට මෙහිදී සදහන් කර ඇත.

පසුගියදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී රජය ගෙන යන  බදු සංශෝධනයන් ගැන  මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සමග තවදුරටත් සාකච්ඡා කිරීමට වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා කර තිබිණි.

එම ආරාධනාවට අනුව අද මෙම සාකච්ඡාවට සහභාගි වූ බවත් මෙහිදී රාජ්‍ය නිලධාරීන්ගේ වැටුපෙන් අයකරන බදුවලට වඩා වැඩි මුදලක් එකතුකර ගත හැකි ක්‍රමවේදයන් පිලිබඳඳව නියෝජිතයින් නැවත නැවතත්  පැහැදිලි කලද ආණ්ඩුව දැනට ගෙන ඇති තීන්දු තීරණයන්ගේ කිසිදු වෙනසක් සිදුකිරිමට නොහැකි බව ලේකම්වරයා ඇතුළු නිලධාරීන් වෘත්තීය සමිති නියෝජිතයින්ට දැනුම් දී ඇත.

මෙම සාකච්ඡා බිදවැටීමත් සමග ලබන සදුදා (13) සිට විවිධ ක්ෂේත්‍රයන්ගේ වැඩ වර්ජනයන් ආරම්බ කරන අතර ලබන 15 වෙනිදා සිට සියලුම වෘත්තීය සමිති අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කිරීමත් සමග රටම අකර්මණ්‍ය  වනු ඇති බව වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.


No comments:

Powered by Blogger.