Header Ads

Breaking News
recent

IMF ණය ලැබුනු වහාම කැබිනට් සංශෝධනයක්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මෙම මාසය අවසන් වීමට පෙර ගිවිසුමට එළඹීමට හැකි වනු ඇතැයි රජය විශ්වාස කරයි. එම ගිවිසුම් ගත වීමෙන් පසු කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ද මෑතක දී කියා සිටියේ නුදුරේදීම තමන් ඇතුළු කිහිප දෙනෙකුටම කැබිනට් අමාත්‍ය ධූර ලබා දෙමින් කැබිනට් සංශෝධනයක් ජනාධිපති විසින් සිදුකරනු ඇති බවයි. තමන්ටද අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට ජනාධිපතිවරයා ආරාධනා කර ඇති බව ද හෙතෙම පැවසීය.

මේ අතර ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විරෝධතාවක් පැවැත්වීමට ගෙන තිබූ තීරණය සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විසින් අත්හිටුවා ඇතැයිද වාර්තා වෙයි.

No comments:

Powered by Blogger.