Header Ads

Breaking News
recent

‘ගෝඨා ගෝ හෝම්’ රාජපක්‍ෂ පවුලේ කැරැල්ලක්!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් කරවීම සඳහා ‘ගෝඨා හෝම් අරගලය’ ආරම්භ කරන ලද්දේ රාජපක්ෂ පවුල තුලින්ම බව ජාතික සංවිධාන එකමුතුවේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාද ඒ සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ලද බවද ඔහු පෙන්වා

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙරට මීළඟ අරගලය පන්ති සටනක් ලෙස ආහාර අර්බුදය සමග ඇතිවන බවද හෙතෙම පවසයි.
 
එහිදී දරුවන්ට ආහාර දීගත නොහැකිව සැබෑවටම පීඩාවට පත්වුණු මිනිස්සු එම අරගලය සඳහා එක්වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියළු දෙනාම ඇමෙරිකානු තානාපතිගේ පදයට නටන බව ද ඔහු චෝදනා කරයි.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාද මේ පිටුපස සිටින බවත් ඔහුට යුද අපරාධ චෝදනා නැත්තේ ඔහු ඇමරිකානු රූකඩයක් නිසා බවත් ඒ මහතා එහිදී කියා සිටියි.


No comments:

Powered by Blogger.