Header Ads

Breaking News
recent

ධනුෂ්ක ගුණතිලකට තවත් ලෙඩක් වැටේ! තහනම ඉවත් කරන්න ඇමති විරුද්ද වේ!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අදහස් පළ කරයි. ඔහු පෙන්වා දෙන්නේ ධනුෂ්ක ගුණතිලකගේ තහනම ඉවත් කිරීමට නීත්‍යානුකූල නොවන බවයි.

මෙම තහනම ක්‍රියාත්මක වූයේ අධිකරණයට කරුණු වාර්තා කිරීම හරහා නීතිපතිවරයාගේ උපදෙස් සමග බවත් එනිසා තහනම ඉවත් කිරීමට නම් නැවතත් නීතිපති සමග සාකච්ඡා කළ යුතු බවත් අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම අධිකරණයට ද කරුණු වාර්තා කර එහි ඉදිරි කටයුතු කළ යුතු බවත් අදාළ නඩුව තාමත් අධිකරණයේ පවතින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අතරතුර එල්ල වූ ස්ත‍්‍රී දුෂණ චෝදනාවක් මත ඔහු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පවත්වන ලද දීර්ඝ නඩු විභාගයෙන් පසු ඔහු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ද 2022 නොවැම්බර් මාසයේ සිට ධනුෂ්කට ක්‍රිකට් තහනමක් පනවන ලදී.




No comments:

Powered by Blogger.