Header Ads

Breaking News
recent

දේශපාලන රැකවරණ මැද OnmaxDT ලොක්කන් රටින් පනී?

පිරමිඩ ආකාරයේ මූල්‍ය ජාවාරමක් සිදු කළ බවට චෝදනා එල්ල වන OnmaxDT ආයතනයේ ප්‍රදානීන් රටින් පළා යාමට උත්සාහයක් ඇති බව එම සමාගමේ මුදල් තැන්පත් කර අගතියට පත් වූවන්ගේ සංයමය කියා සිටියි.

ඒ සඳහා ඔවුනට දේශපාලන රැකවරණ ද ලැබෙමින් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

චංචනික ලෙස උපයා ගන්නා ලද මුදල් මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් නිදහස් කර ඇති බවත් පවසන ඔවුන් අසාධාරණකට ලක්වූ තමන්ට සාධාරණයක් ලබා දීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටියි.

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 1500 ට ආසන්න ප්‍රමාණයක් යොමුකර ඇතත් නීතිය නිසි පරිදි ඉටු වී නැති බවද ඔවුන් කියා සිටිති.


No comments:

Powered by Blogger.