Header Ads

Breaking News
recent

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත වහාම සංශෝධනය කරන්න - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් නිවේදනයක්!

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත වහාම සංශෝධනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිවේදනය කළේ, පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ශ්‍රී ලංකා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පණත් කෙටුම්පත පිළිබඳව ඉතා බැරෑරුම්ව අවධානය යෙමු කළ බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම අර්ථවත් ප්‍රතිසංස්කරණයක් සඳහා හැරවුම් ලක්ෂ්‍යයක් නමුත්, මෙම යෝජිත නීතිය මගින් අතීතයේ සිට පැවති මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමේ අවදානමක් ඇති බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම පනත් කෙටුම්පත එහි වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත්, විධායකයට අධීක බලතල ලබා දෙනු ඇති අතර පනතේ බලතල අනිසි ලෙස භාවිත කිරීමට එරෙහිව සීමිත හෝ ආරක්ෂාවක් නොමැතිව අයිතිවාසිකම් සීමා කිරීමට විධායකයට. 

එය වරෙන්තු නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට අවශ්‍ය නීතිමය පදනම දුර්වල කරනු ඇත. එය තවමත් දීර්ඝ නඩු විභාගයට පෙර රඳවා තබා ගැනීමට අවසර දෙනු ඇත.

දැනට යෝජිත නීතියේ ත්‍රස්තවාදී ක්‍රියා අතිශය පුළුල් ලෙස නිර්වචනය කිරීමත්, විශේෂයෙන් රැඳවුම් නියෝගවල නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇපකරවල විෂය පථය සීමා කිරීමත්, මෙහිදී මානව හිමිකම් කොමිසමේ අවධානයට ලක්වූ කරුණු අතර වේ.

එමෙන්ම රැඳවුම් ස්ථාන නැරඹීමට මානව හිමිකම් කොමිසමට ඇති හැකියාව සීමා කිරීම ද අවධානයට ලක්වී ඇති තවත් කරුණකි.

ජාත්‍යන්තර මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන් සමග සම්පුර්ණයෙන්ම අනුකූල වන ලෙස යෝජිත පනත් කෙටුම්පත බරපතල ලෙස සංශෝධනය කරන ලෙසයි.

- newsfirst


No comments:

Powered by Blogger.