Header Ads

Breaking News
recent

ධම්මිකට පොහොට්ටුවෙන් ලොකු ටොක්කක්!

ප්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට කිසිදු සාකච්ඡාවක් මෙතෙක් පවත්වා නැතැයි එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ඔහු පවසන්නේ තමන් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් බවත් තමන් දන්නා ආකාරයට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිම එකඟතාවයකට මෙතෙක් පැමිණ නැති බවය.

ධම්මික පෙරේරා මහතාට අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් වූ බවක් හෝ තමන් දැනුවත් නැති බවද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික් සම්බන්ධී කමිටුවට රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

තම පෞද්ගලික අදහස නම් ආර්ථික අර්බුදය විසඳමින් රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් අවස්ථාව දිය යුතු බවද හෙතෙම එහිදී තවදුරටත් පැවසීය.


No comments:

Powered by Blogger.