Header Ads

Breaking News
recent

ජනාධිපති අපේක්ෂකයින්ට තහනමක්... උඩුගුවන පිනට දෙන්නෑ!

ජනාධිපති අපේක්ෂකයින්ට මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම තහනම් කර ඇත.

ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් හෝ ගුවන් යානා මැතිවරණ කටයුතු සඳහා පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක සදහන් කරයි.

එහෙත් මැතිවරණ නොවන වෙනත් රාජකාරී කටයුතු සඳහා පමණක් ගුවන් යානා ලබාගත හැකි පුද්ගලයන්ට රජයේ ගුවන් යානා යොදා ගැනීමට බාධාවක් නැති බවද සභාපති ආනන්ද රත්නායක සදහන් කරයි.


No comments:

Powered by Blogger.