Header Ads

Breaking News
recent

රනිල්ගේ IMF විවාද අභියෝගය සජිත්, අනුර දෙදෙනාම බාර නොගනී!

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ගිවිසුම සංශෝධනය පිළිබඳව ඔවුන් සමඟ සජීවී සාකච්ඡාවකට තමන් හා එක් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද අභියෝගය මේ වන තෙක් විපක්ෂයේ කිසිවෙකු බාර ගෙන නැත.

ජනාධිපතිවරයා ඊයේ දිනයේ කියා සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ගිවිසුමේ කොන්දේසි වෙනස් කිරීමට නොහැකි බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු මැදිහත්කරුවා මිස ණය හිමියන් නොවන බවත් ණය හිමි රටවල් සහ සංවිධාන සමඟ මාස ගණනාවක් තිස්සේ සාකච්ඡා කර එළඹුණු ගිවිසුමක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට වෙනස් කළ නොහැකි වනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර දිසානායක මහතා එය වෙනස් කරන්නේ යයි කියන්නේ නම් තමන් සමග ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ව සජීවී සංවාදයකට අභියෝග කරන බවද ඔහු කියා සිටියේය.

නමුත් එම ප්‍රකාශයෙන් පැය 24ක් ඉක්ම ගොස් ඇතත් සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර දිසානායක මහතා එම අභියෝගය මේ වනතෙක් පිළිගෙන නැත.

මීට පෙර අවස්ථාවක ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය අතර විවාද දෙකක් සඳහා අභියෝක කර ගත්තද එම විවාද දෙකම නොපැවැත්විණි.

පක්ෂ දෙකේ ආර්ථික කමිටු විවාදයන්ට ජාතික ජන බලවේගය විසින් නොපැමිණීම හේතුවෙන් තමන් ඉන් නිතරග ජය ලබා ගත්තා සේ සලකන බව සමගි ජන බලවේගය එකල කියා සිටි අතර ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා සමග විවාදයට සජිත් ප්‍රේමදාස මහතාට නොපැමිණීම හේතුවෙන් එය නිතරග ජයක් ලෙස සලකන බව ජාතික ජන බලවේග නායකයාම ප‍්‍රසිද්ධියේ සඳහන් කර තිබින.

No comments:

Powered by Blogger.