Header Ads

Breaking News
recent

ආණ්ඩුව අලුතෙන් අච්චු ගැහුවා කියන බිලියන 200න් එක නෝට්ටුවක් පෙන්වන්න - බන්දුල ගුණවර්ධන

නාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වූ පසු නව රජය යටතේ එක මුදල් නෝට්ටුවක් හෝ අච්චු ගසා නැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එසේ මුදල් අච්චු ගසා ඇතැයි කිසිවකු පවසන්නේ නම් ඒ එක මුදල් නෝට්ටුවක් හෝ පෙන්වන ලෙස තමන් අභියෝග කරන බව ද ඔහු පැවසීය.

නව මුදල් නෝට්ටු අච්චු ගසා ඇත්නම් ඒවායේ මුදල් ඇමති ලෙස මහින්ද රාජපක්ෂ මහතා සහ මහ බැංකු අධිපති ලෙස ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා අත්සන් තැබිය යුතු බවද ඔහු සඳහන් කළේය.

රුපියල් බිලියන දෙසීයක් මුදල් අලූතෙන් අච්චු ගසා ඇතැයි පවසන අය ඒ ආකාරයේ එක මුදල් නෝට්ටුවක් හෝ පෙන්වන ලෙස තමන් අභියෝග කරන බවද ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.