Header Ads

Breaking News
recent

ඇමරිකානු නිලධාරියාට කොරෝනා බෝකර ලංකාවට එව්වාදැයි සැකයි - වාසුගෙන් චෝදනා

PCR පරීක්ෂණයට ලක්වීම ප්‍රතික්ෂේප කරමින් මෙරටට ඇතුළු වූ ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියාට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් කොරෝනා වෛරසය බෝකර මෙරටට එව්වේදැයි සැකයක් මතුවන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
"මිනිහට වෛරසය බෝකරලා ලංකාවට එව්වාද දන්නෙ නෑ. පරීක්ෂණයට යටත් නොවී ඇතුළට ගිහිල්ලා ඊට පස්සෙ ලංකාවේ අපි කළමනාකරණය කරගෙන යන මේ වසංගත රෝගය නැවත බෝකරන්න ඔහුට පුළුවන් මට්ටමට. මම එහෙම චෝදනා කරන්නේ මගේ සැකය ඒ තරම්.

විශේෂයෙන් මේ ට්‍රම්ප්ගේ පාලනය. මේක අති දක්ෂිණාංශික පාලනයක්. මොවුන් ඉන්නේ යුධ වියරුවකින්. අද තියෙන ලෝක ආර්ථික අර්බුදය තුළ ආයෙමත් ලෝකයේ සම්පත් යුද්ධයක් කරා බෙදාගෙන නැවත අලුත් පිම්මක් ඉදිරියට යාම හැර ඒගොල්ලන්ට වෙන මාවතක් නෑ. ඒනිසා අද ඇමරිකා එක්සත් ජනපදය ලෝකයටම තර්ජනයක්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වියානා සම්මුතියෙන් තානාපති කාර්යාල නිලධාරීන්ට ලැබෙන වරප්‍රසාද පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ එවැනි වරප්‍රසාද ඇති නමුත් ශිෂ්ඨසම්පන්න රටවල් ඒවාට මුවා වී වෙනත් රටවල නීති කැඩීමට නොයන බවයි.


No comments:

Powered by Blogger.