Header Ads

Breaking News
recent

ඊබ‍්‍රාහිම් කුළුබඩු මාෆියාවට සම්බන්ධ නෑ.. ඔහු ජවිපෙ ජාතික ලයිස්තුවට දැම්මේ පාස්කු බෝම්බ ගහන්න කලින් - ජවිපෙ කියයි

2019 වසරෙ පාස්කු ඉරිදා දිනයේදී මෙරටට එල්ල වු බෝම්බ ප්‍රහාරයේ දී ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ පිපිරවූ බෝම්බකරුගේ පියා වන දැනටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ව්‍යාපාරිකයකු ව සිටි මොහොමඩ් ඊබ්‍රහිම් කුළුබඩු මාෆියාවට සම්බන්ධ පුද්ගලයෙක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

එමෙන්ම ඔහු පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වන්නේ තම පක්ෂයේ ජාතික ලයිස්තුවට නම් කිරීමෙන් වසර හතරකට පසුව බවද ඔහු පෙන්වා දෙයි.

එම කාලයේ දී ඔහු ඊට සම්බන්ධතාවක් තිබුණේ නම් බුද්ධි අංශ විසින් හෙළිකර ගත යුතුව තිබූ බවද කරුණාරත්න මහතා කියා සිටියේය.

ස්වරණවාහිනියේ පැවති දේශපාලන වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.