Header Ads

Breaking News
recent

ජූලි පළමු වැනිදා සිට රජයේ වියදම් පියවා ගන්නේ ඒකාබද්ධ අරමුදලෙන්


ජූලි පළමු වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා රජයේ වියදම් පියවා ගැනීම සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබාගැනීමට ජනපතිවරයා නියෝග කර තිබේ.

මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව එය ඉදිරිපත් කෙරෙන බවයි.

ඒ අනුව ඉදිරි මාස තුනක කාලය සඳහා රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු යනාදී ආයතනවල සේවක වැටුප් ගෙවීම ඇතුළු වියදම් පියවා ගැනීම සඳහා අදාළ මුදල් යොදා ගැනීමට නියමිතයි.

රජයේ වියදම් සඳහා එලෙස ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබාගන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබීම හේතුවෙනි.

No comments:

Powered by Blogger.