Header Ads

Breaking News
recent

පොලිස් ලොක්කෙගේ පුතා කෝටියක කුඩු සමග අත්අඩංගුවේ !

පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමේ සිටි පොලිස් පරීක්ෂකවරයකුගේ පුත‍්‍රයකු රුපියල් කෝටියක් වටිනා මත්කුඩු කිලෝ ග‍්‍රෑම් එකක් සමග පෙරේදා (03) සවස පිටකොටුව පොලිස් මුරපළේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
23 හැවිරිදි තරුණයකු වන මේ පොලිස් පුත‍්‍රයා අදාළ මත්කුඩු තොගය ජාවාරම්කරුවකුට ලබාදීම සඳහා පිටකොටුව ප‍්‍රදේශයට රැුගෙන එමින් සිටියදී පොලිසියට කොටු වී ඇත.

ඔහු සමග තිස්තුන් හැවිරිදි තවත් සැකකරුවකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී පසුගිය රජය සමයේ අවස්ථා කිහිපයකදීම තමන් පොලිසිවලට හසුවුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි පොලිස් ප‍්‍රධානියකු පොලිසිවලට බලපෑම් කර තමන් මුදාගත් බව වැඩිදුර ප‍්‍රශ්න කිරීම්වලදී සැකකරු පාපොච්චාරණය කළ බව පොලිසිය පවසයි.

සැකකරු මෙසේ ජාවාරම් කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්ත සිරදඬුවමකට යටත්ව සිටින මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන ‘අතුරුගිරියේ දිලූ’ නමැත්තාගේ මත්කුඩු තොග බවද පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන ‘අතුරුගිරියේ දිලූ’ නමැත්තා සැකකරුගේ පියා වන හිටපු පොලිස් නිලධාරියාගේ සොයුරියකගේ පුත‍්‍රයකු බවද හෙළි වී තිබේ.

රඳවා ගැනීමේ නියෝග මත පොලිසිය සැකකරුගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කරමින් සිටියි.

– divaina


No comments:

Powered by Blogger.