Header Ads

Breaking News
recent

කොරෝනා මර්ධනයට හොදම අවිය පැවති පාර්ලිමේන්තුව කැදවීමයි.. ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒ බව කිවුවා - කිරිඇල්ල

කොරෝනා මැඩලීමට සුදුසුම අවිය පාර්ලිමේන්තුව බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව සංවාද කිරීම මගින් අඩුපාඩු සඳහා අවධානය යොමු වෙන බව ද පර්යේෂණ වලට මුදල් වෙන්වන බව ද ඔහු සඳහන් කර ඇතැයි ද කිරිඇල්ල මහතා පවසයි.
පාර්ලිමේන්තු නැතිව කොරෝනාවලට මුහුණ දෙන අපහසු බව ද ඔහු පවසා ඇතැයිද ඔහු සඳහන් කර ඇත.

වත්මන් ආණ්ඩුව විසින් රටට කොරෝනා බෝ කර ඇති බවත් ත්‍රිවිධ හමුදාවට කොරෝනාවලට බෝ කලේද ආණ්ඩුව බවත් ඔහු පැවසීය.

පෙබරවාරි මාසයේදී රටම වසා දැමුවේ නම් ගුවන් තොටුපළ වසා දැමුවේ නම් අද මෙම ප්‍රශ්නය ඇති නොවන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.


No comments:

Powered by Blogger.