Header Ads

Breaking News
recent

හෝමාගම අහසේ අබිරහස් යානා වෛද්‍ය ශිෂ්‍යන් දකිති.. පිටසක්වල යානා යයි කියති

හෝමාගම ඉහල අහසේ අභිරහස් යානාවක් සැරිසරනු වෛද්‍ය ශිෂ්‍යයින් කිහිපදෙනෙකු දැක ඇත.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටුවා ඇති නිරෝධන මධ්‍යස්ථානයේ රදවා සිටින වෛද්‍ය ශිෂ්‍යයන් දස දෙනකු පමණ පිරිසක් පසුගිය 4 වෙනි දා රාත්‍රී 7.30 ට පමණ මෙම යානා ඉතා හොඳින් නිරීක්ෂණය කර ඇත.

ඔවුන් සඳහන් කරන්නේ මෙම අභිරහස් යානා රතුපැහැති අමුතු එලි විශේෂයක් සහිතව පියාඹන පීරිසි එක හැඩයෙන් ඉතා හොදින් දිස් වූ බවයි.

විනාඩි 10ක පමණ කාලයක් එකම තැන නොසෙල් වී තිබූ බවත් එය චන්ද්‍රිකාවක් වූ සාමාන්‍ය ගුවන් යානයක් නොවන බව ස්ථිර බවද ඔවුහු සඳහන් කරති.

ටික වේලාවක් එකම තැන රැදී තිබූ එම යානා පසුව ඊසාන දෙසට පා වී ගිය බවද ඔවුහු සඳහන් කළහ.

මෙය පීරිසියක හැඩය ගත් එකක් බවත් පිටසක්වල යානා විය හැකි බවත් ඔවුහු තව දුරටත් කියා සිටිති.


No comments:

Powered by Blogger.