Header Ads

Breaking News
recent

පියාගේ අවමගුලේදී ජීවාන් තොණ්ඩමන් මැතිවරණ නීති උල්ලංඝණය කර නෑ - පොහොට්ටුව කියයි

භාවප්‍රාප්ත හිටපු ඇමති ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත්‍රයා වන ජීවාන් තොණ්ඩමන් මහතා තම පියාගේ අවමංගල්‍යයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
එහි මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසන්නේ ජීවාන් තොණ්ඩමන් මහතා නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඡන්ද අපේක්ෂකයකු ලෙස අත්සන් තැබීමට පෙර ඔහුගේ පියාගේ අවමංගල්‍ය පැවති බවයි.

ඔහු අපේක්ෂකත්වයට තෝරා ගෙන ඇතත් අවමංගලය අවසන් වන තෙක් නාමයෝජනා පත්‍රයට අත්සන් නොතැබූ බව ද ලේකම්වරයා සඳහන් කළේය.

එවන් තත්ත්වයක් තුළ ඡන්ද අපේක්ෂකයකු නොවන්නෙකු මැතිවරණ නීති උල්ලංඝණය කළ බව පැවසීම ප්‍රතික්ෂේප කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


No comments:

Powered by Blogger.