Header Ads

Breaking News
recent

කොතලාවල පනතට ශ‍්‍රීලනිපය විරුද්දයි - මාධ්‍ය කැදවා දැනුම් දෙයි

රජයේ විසින් යෝජනා කර ඇති කොතලාවල විශ්ව විද්‍යාල පනත එයාකාරයෙන්ම සම්මත කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ එම පනතට සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංශෝධන ඉදිරිපත් කරන බවයි.

එම සංශෝධන සහිතව පනත ඉදිරිපත් වනවා නම් එයට එකඟතාවය පළ කිරීමට සූදානම් බවත් එසේ නොමැතිව පනත තරම් සම්මත කරන්න උත්සාහ කරන්නේ නම් ඊට විරුද්ධ වන බවත් ඔහු පැවසීය.

ආණ්ඩුවේ ඇමතිවරුන් වුවත් පවතින ආකාරයෙන්ම පනතට එකඟ විය නොහැකි බවද පවසන ඒ මහතා මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන වාර්තාවක් ලබාදෙන්නැයි පක්ෂයේ තරුණ පෙරමුණට සහ උපාධිධාරී සංගමයට දැනුම් දී ඇතැයිද කියා සිටියේය.

කොතලාවල විශ්ව විද්යාලය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට යටතට පත්වීම අනිවාර්ය විය යුතු බව තම පක්ෂයේ මතය වුවද යෝජිත පනතේ මුල් වැකියෙන්ම මෙම විශ්වවිද්‍යාල බාහිර බව සඳහන් කර තිබීම කිසිසේත්ම එකඟ විය නොහැකි බවත් ඇමතිවරයා තවදුරටත් සඳහන් කළේය.

ශ‍්‍රිලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.