Header Ads

Breaking News
recent

මන්ත්‍රී නිවස තුළ තවත් තරුණියක් දූෂණය වෙයි - රිෂාඩ්ගේ මස්සිනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සොයුරා හෙවත් එම මන්ත්‍රීවරයාගේ මස්සිනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිප්ති අජිත් රෝහණ මහතා මේ බව තහවුරු කළා.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන්.

මෙම තරුණිය රිෂාඩ් බදියුසීන් මන්ත්‍රීවරයාගේ නිවසෙහි මෙහෙකාරියක් ලෙස සේවය කළ තැනැත්තියක් බව යි වාර්තා වන්නේ.

ඇය මේවන විට 22 හැවිරිදි වියෙහි පසුවන බව සඳහන්.

2015 වසර් සිට 2019 වසර දක්වා කාලය තුල ඇය බදියුදීන් මහතාගේ නිවසෙහි මෙහෙකාරියක ලෙස සේවය කර ඇති අතර ඇය දූෂණය වී ඇත්තේ එම කාලය තුළ දී යි.

ඒ අනුව පෙනී යන්නේ ඇය එම නිවසෙහි මෙහෙකාරකම් කිරීම අරඹා ඇත්තේ වයස අවුරුදු 16ක දැරියක්ව සිටිය දී බව යි.

අත්අඩංගුවට පත් වූ, මන්ත්‍රීවරයාගේ මස්සිනාවන තැනැත්තාගේ ස්ථිර පදිංචිය මැදවච්චිය ප්‍රදේශයේ බව ද වාර්තා වනවා.

ඔහු 44 හැවිරිදි වියෙහි පසුවන්නෙක්.

තරුණිය පොලීසියට අනාවරණය කර ඇත්තේ බදියුදීන් මන්ත්‍රීවරයාගේ මස්සිනා විසින් තමන්ව අවස්ථා දෙකක දී දූෂණය කළ බවට යි.

මෙලෙස අත්අඩංගුවට ගත් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා 44 හැවිරිදි වියේ පසුවන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාල කාලය තුල සැකකරු විසින් අවස්ථා දෙකකදී ඇයව දූෂණය කළ බවට වින්දිත තරුණිය පොලිසිට පවසා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මන්ත්‍රීවරයාගේ නිවසෙහි මෙහෙකාරකම් කළ බාලවයස්කාර දැරියක් පසුගිය දා සැක සහිත ලෙස මරණයට පත් වූ අතර එම සිද්ධිය පිළිබඳ විමර්ශන අතරතුර මෙම 22 හැවිරිදි තරුණිය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව යි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

පසුගිය දා මියගිය දැරියගේ මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ එම දැරිය ද කාලයක සිට දූෂණය වී ඇති බව යි.


No comments:

Powered by Blogger.