Header Ads

Breaking News
recent

"වැරදි නායකයින්ට රට භාරදුන්නා" - හැඩිගල්ලේ හිමිගෙන් අමුතු කතාවක්

රට භාර දී ඇත්තේ වැරදි නායකයින්ට බව පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්. විමලසාර හිමි වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේවන විට මෙරට මිලිටරිකරණය වෙමින් පවතින බවයි.

එලෙස මිලිටරිකරණය වෙද්දී රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය වේගයෙන් මියයමින් තිබෙන බව ද උන්වහන්සේ පවසා සිටියා.

ඒ හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ කොන් වෙන රටක් වී ඇති බවයි හැඩිගල්ලේ විමලසාර හිමි වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ආණ්ඩුව දිනෙන් දින ගනු ලබන්නේ පවතින ආර්ථික අර්බුධය උත්සන්න කරවන තීරණ බව ද උන්වහන්සේ සඳහන් කරනවා.

මේ සියළු දෑ හරහා ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී මේ කඩයිමට පැමිණ ඇති බව ද උන්වහන්සේ පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ විමලසාර හිමියන් මෙලෙස ප්‍රකාශ කර සිටියා.

"දැන් කරන්න දෙයක් නෑ. වැරදීම් සිද්ධ වුණා. වැරදි නායකයන්ට මේ රට භාර දුන්නා. වැරදි බලවේගවලට මේ රට භාර දුන්නා. තවදුරටත් අපි ඒ වැරැද්ද ගැන පසුතැවෙමින් ඉන්නවා වෙනුවට ඒ වැරැද්ද නිවැරදි කරගත යුතුයි"


No comments:

Powered by Blogger.