Header Ads

Breaking News
recent

රට ඉතාම දරුණු භයානක තැනක තියෙන්නේ, ඇත්ත තත්වය කියපු සෞඛ්‍ය බලධාරීන්ට බැනලා පන්නගෙන- රාජිත (Video)

කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සඳහා දැනට ඇති සාර්ථකම විසඳුම එන්න්කරණය වන නමුත් එන්නත්කරණයෙන් විසඳුම් ලැබීමට සැළකිය යුතු කාලයක් ගතවන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. පළමු එන්නත ලබා දී දෙවැනි එන්නත ලබාදීමට තවත් මාසයක පමණ කාලයක් ගතවන බවත්, ඉන්පසුව ශරීරය තුළ අවශ්‍ය ප්‍රතිශක්තීකරණය ගොඩනැගීම සඳහා තවත් සති තුනක පමණ කාලයක් ගතවන බවත් සේනාරත්න මහතා සඳහන් කරනවා.

මේ වනවිට යළිත් කොවිඩ් වසංගත තත්වය උත්සන්න වෙමින් තිබෙන බව පෙන්වා දෙන රාජිත සේනාරත්න මහතා පවසන්නේ ආණ්ඩුව ඉතා අවිධිමත් හා අවිද්‍යාත්මක තීන්දු තීරණ ගනිමින් සිටින බවයි. ඕස්ට්‍රේලියාව වැනි රටවල ආසාදිතයන් 25 - 30 ක් හමුවන විට නගරව පිටින් වසා දමන බවත්, එහෙත් මෙරට පාලකයන් ආසාදිතයන් 2500 ඉක්මවා තිබියදී පවා රට විවෘත කිරීමට අවශ්‍ය තීන්දු ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

වසංගතයේ සැබෑ තත්වය පිළිබඳව ඉහළට වාර්තා ලබාදෙන සෞඛ්‍ය බළධාරීන් බැනවැදී පන්නා ගන්නා මට්ටමට තත්වය දරුණු වී ඇති බවයි රාජිත සේනාරත්න මහතා පවසන්නේ.


No comments:

Powered by Blogger.